කැකුළාගේ අඩවියෙන් සොයන්න

Wednesday, May 22, 2019

කවියෝ ආදරය නොහඳුනති

​ආදරය. ඊයේ අද මෙන්ම හෙටත් මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්න වලින් එකක්. විශේෂයෙන්ම යෞවන යෞවනියන් අතර.  ආදරයේ විවිධ ස්වරූප තියෙනව. 

අන්තර් පුද්ගල ආදරය මෙන්ම
පුද්ගලයන් හා භෞතික ජීවී අජීවී විශේෂයන් අතර පවතින ආදරය ආදී වශයෙන්. කොහොම උනත් අපි කතාකරන මානව ප්‍රේමය අන්තර් පුද්ගලයි. චිත්තවේගාත්මකයි. භාවාත්මකයි. පරිණාමීය ජීවවිද්‍යාත්මක සමාජයීය ආදී අංශ ගණනාවකින් මේ කාරණේ ගැන කතාකරන්න පුලුවන්.  

කොහොම උනත් වැඩිදුර විස්තර ඕනෙනං විකිපීඩියාවෙ සර්ච් පාරක් දාන්න.

 අපි මේ ආදරය රසවිඳින ආකාර වලින් නිර්මාණයන්ට හිමිවන්නෙ ලොකු තැනක්. කවි සින්දු නවකතා කෙටිකතා චිත්‍රපට නාට්‍ය ටෙලිනාට්‍ය විතරක් නෙවෙයි ටාජ් මහල් වගේ අග්‍රගණ්‍ය නිර්මාණ වලත් මේ ආදරය කැටිවෙලා තියෙනවා. අපි හැමෝගෙම ඇතුලෙ නිර්මාණකරුවෙක් ඉන්නවා. කවියෙක් කිවිඳියෙක් ගායකයෙක් ගායිකාවක් කොටින්ම කිව්වොත් කලාකරුවෙක් කලාකාරියෙක්. 

 කොහොම උනත් බොහොම ප්‍රකට කියමනක් තියෙනවා "කවියෝ ආදරය නොහඳුනති" කියලා. 

කවියො කිව්වෙ හැම කලාකාරයම. තමන්ට ළඟා කරගන්න අමාරු ආදරය, තමන්ට අහිමි උනු ආදරය, හිතේ තියාගෙන වැලපෙන ආදරය, මෙලොවින් සමුගත්ත ආදරය, දුරක ඉන්න ආදරය, කියාගන්න බැරුව ළතවෙන ආදරය, වෙනකෙකුගෙ වුණු ආදරය......... සෑම සාර්ථක නිර්මාපකයෙක්ගෙම පිටිපස්සෙ මේ වගේ ආදරයක් තියෙනවා. ලියෝ තෝල්ස්තෝයි, ඇන්ටන් චෙකොෆ්, ෂේක්ස්පියර්, රෝලිං, මෝපසාං, හියුගෝ ආදී බොහෝ නිර්මාණ කරුවන්ගේ නිර්මාණ ඔවුන් තමන්ගෙ ආදරය ජීවත් කරවන්නට තනපු ෆැන්ටසීන්. බොහෝවිට සැබෑ ආදරය විඳින්නට ඔවුනට අවස්ථාවක් ලැබී නැහැ. අදටත් අනුවේදනීය සුන්දර නිර්මාණ දායාද කරන්නන් පිටුපස එකී ෆැන්ටසියානු ආදර කතා සැඟවිලා තියෙනවා. ෆේස්බුක් නිසඳැස් වල, වට්ස්ඇප් ස්ටේටස් වල, ට්වීට් කරපු කවිවල, පෝස්ට් කරන නිර්මාණ වල ඒ ෆැන්ටසියාවේ ස්පර්ෂක ඕනෑතරම් දකින්න තියෙනවා. 

ලියන්නට කියයි නුඹ කවි

අපේ සෙනෙහස ගැන ගොතා

කුමට වෙහෙසනු විඩා දී හිත

සිතම මගෙ කවියක් වෙලා...

           

            - කැකුළා-

ඒබ්‍රහම් ලින්කන්ගේ සුප්‍රසිද්ධ ගෙටිස්බර්ග් දේශනය

"සත් වසරකට පෙර අපේ පියවරු මේ මහද්වීපයේ නව ජාතියක් නිර්මාණය කළා. ඒ සමග නිදහසේ විමුක්තියේ කලලය රෝපණය වීමත්, සියලු මිනිසුන් නිර්මාණය වී ඇත්තේ සමානයන් ලෙස බවත් කියා පෑමත් සිදුවුණා. 

අප මහා සිවිල් යුද්ධයකට පැටලි සිටිනවා. මෙහිදී අපේ ජාතියේ හෝ කිනම් හෝ ජාතියක කැපවීම පරීක්ෂාවට ලක් වනු ඇති. අප හමුවුණේ ඒ මහා සංග්‍රාම භූමියේදී, ඒ භූමිය ජාතිය වෙනුවෙන් දිවි දුන් අය වෙනුවෙන් කැපවනු ඇතිවාක් මෙන්ම ජාතිය ඔවුන් ගැන සිහියේ රඳවා ගනු ඇති. ඒත් පුළුල් අර්ථකථනයෙන් බැලුවොත් අපට එසේ කැප වීමට හැකියාවක් ඇත්තේ නැහැ. අපට මේ භූමියට ගෞරව කිරීමටත් නොහැකියි. මේ භූමියේ දී අරගල කළ මෙහි ඉපිද මියගිය අභීත මිනිසුන්ට එසේ කිරීමට අපේ බලය තරම් නොවන බවයි සත්‍යය අප මෙහිදී පවසන දේ ගැන ලෝකය එතරම් අවධානය යොමු නොකරනු ඇති. දිගු කාලීනව මතකයේ තබා නොගනු ඇති. එසේ වුවත් ඔවුන් මෙහි කලේ කුමක්දැයි අමතක කිරීමට අපට නොහැකිය. ඔවුන්, මෙහිදී දියත් කළ තවමත් සම්පූර්ණ නොවූ කාර්‍යභාරය සපුරාලීම අප ඉදිරිපිටයි. එහිදී අත්වියහැකි ගෞරවාන්විත මරණය පවා ඔවුන් වෙනුවෙන් කරන ගෞරවයක් වනු ඇත. 

මෙහිදී අප විසඳා ගත යුතු වන්නේ මේ මරණය සිදු වනු ඇත්තේ ජයග්‍රහණය නොලබා ද යන බවයි. දෙවියන් යටතේ මේ ජාතිය ලබා ඇත්තේ නිදහසේ නව උපතක්. එහි බිහිවන්නේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ ආණ්ඩුවක්. එය සේවය කරනු ඇත්තේ ද ජනතාව වෙනුවෙන්. එය මිහිමතින් මකා දැමීමට නොහැකි වනු ඇත."

ජූලි 4 නිදහස් දිනය දා ගෙටිස්බර්ග් චතුරස්‍රයේ දී ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් සිදුකල සුප්‍රසිද්ධ දේශනය ....

දයාබර මද සුළඟ ❤

දයාබර මද සුළඟ - නොකියාම විත් සෙමින්
අතු අගක රැඳි කුසුම් - කිති කවා බිම හෙලන
නිසංසල සැදෑවක - උයන්තෙර කෙළවරක
මුවින් නොදොඩා හිඳිමු - හදවතින් දොඩමළුව 

රන්මසු මසුන් තුරුළු කොට - ගීතවත් වෙන නදිය 
අතු අගින් එන කුසුම් - සිප ගනී දයාවෙන් 
ඉඳින් මේ සෙනෙහෙබර - සැඳෑවන් අපේමය 
ගෙන යන්න මේ කඳුළු - ඒ අපේ නොවේමය