"සත් වසරකට පෙර අපේ පියවරු මේ මහද්වීපයේ නව ජාතියක් නිර්මාණය කළා. ඒ සමග නිදහසේ විමුක්තියේ කලලය රෝපණය වීමත්, සියලු මිනිසුන් නිර්මාණය වී ඇත්තේ සමානයන් ලෙස බවත් කියා පෑමත් සිදුවුණා.
අප මහා සිවිල් යුද්ධයකට පැටලි සිටිනවා. මෙහිදී අපේ ජාතියේ හෝ කිනම් හෝ ජාතියක කැපවීම පරීක්ෂාවට ලක් වනු ඇති. අප හමුවුණේ ඒ මහා සංග්‍රාම භූමියේදී, ඒ භූමිය ජාතිය වෙනුවෙන් දිවි දුන් අය වෙනුවෙන් කැපවනු ඇතිවාක් මෙන්ම ජාතිය ඔවුන් ගැන සිහියේ රඳවා ගනු ඇති. ඒත් පුළුල් අර්ථකථනයෙන් බැලුවොත් අපට එසේ කැප වීමට හැකියාවක් ඇත්තේ නැහැ. අපට මේ භූමියට ගෞරව කිරීමටත් නොහැකියි. මේ භූමියේ දී අරගල කළ මෙහි ඉපිද මියගිය අභීත මිනිසුන්ට එසේ කිරීමට අපේ බලය තරම් නොවන බවයි සත්‍යය අප මෙහිදී පවසන දේ ගැන ලෝකය එතරම් අවධානය යොමු නොකරනු ඇති. දිගු කාලීනව මතකයේ තබා නොගනු ඇති. එසේ වුවත් ඔවුන් මෙහි කලේ කුමක්දැයි අමතක කිරීමට අපට නොහැකිය. ඔවුන්, මෙහිදී දියත් කළ තවමත් සම්පූර්ණ නොවූ කාර්‍යභාරය සපුරාලීම අප ඉදිරිපිටයි. එහිදී අත්වියහැකි ගෞරවාන්විත මරණය පවා ඔවුන් වෙනුවෙන් කරන ගෞරවයක් වනු ඇත.
මෙහිදී අප විසඳා ගත යුතු වන්නේ මේ මරණය සිදු වනු ඇත්තේ ජයග්‍රහණය නොලබා ද යන බවයි. දෙවියන් යටතේ මේ ජාතිය ලබා ඇත්තේ නිදහසේ නව උපතක්. එහි බිහිවන්නේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ ආණ්ඩුවක්. එය සේවය කරනු ඇත්තේ ද ජනතාව වෙනුවෙන්. එය මිහිමතින් මකා දැමීමට නොහැකි වනු ඇත."
ජූලි 4 නිදහස් දිනය දා ගෙටිස්බර්ග් චතුරස්‍රයේ දී ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් සිදුකල සුප්‍රසිද්ධ දේශනය ....
No comments:
Post a Comment