"ලෝකෙන් උතුම් රට ලංකාවයි."
සැබෑවටම එය එසේද ? නැවත සිතා බැලීම නොවටීද ? බුදුන් තෙවරක් වැඩිය බුද්ධ සාසනය පන්දහසක් වසක් සුරක්ෂිත වන මේ පින්බිම සැබැවින්ම ලෝකෙන් උතුම්ම රට විය යුතුය. නමුත් වත්මනේ මේ අඹ ගෙඩියේ වාසය කරන්නන් එකී උතුම් බවට සාධාරණයක් ඉෂ්ට කරනවාද යන්න පැනයට නැගිය යුතුය.
ඇත්ත වශයෙන්ම කිවහොත් දැන් අඹේ පණුවන් ගසා ඇත. දූෂණයෙන් වංචාවෙන් මුග්ධ උඩඟු කමෙන් ඉතිරී ගොස් ඇත. ජර්මානුන් ලෝකෙන් උතුම්ම ජාතිය බව කියාගත් ඇඩොල්ෆස් හිට්ලර් ලෝකෙට කරපු හරිය ඔබ දන්නවා ඇති. රට ලෝකෙන් උතුම්ම යැයි කියා ගන්නා අපේ උදවියද කරන හරිය ලෝකෙට කෙසේ වෙතත් රටට මරකාසේය. රාවණා අහසට යවා නැව් මුහුදට දමා වේගා පාරට දැමූ අපිට හරිහමන් රටක් හදන්නට බැරි නැත. ඒවුනාට අපේ උන් හරි බයය.
"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී. හිඟා කෑම බැරි උනු තැන ලගී ගයා මරගී".
ලෝකෙන් හිඟා නොකා හිඟා කන අපි මරගී ගයන්නට පෙළඹෙන දිනයද වැඩි ඈතක නොවේ. අලුත් දෑ තැනුවාට වැඩක් නැත එයින් ප්‍රයෝජන ගැනීමට අලුත් මිනිස්සු නොපවතී නම්.
" ලෝකෙ ලස්සනම රට ලංකාවයි "
මේ අපි කියන අනිත් ටොම් පචයයි. ජීවිතේට ලංකාවෙන් පිටට ගොස් නැති ලිං මැඬියන් කියන සුන්දර ප්‍රලාපයයි. පැවති සුන්දර ලංකාව අසුන්දර උන හැටි වෙනම කතා කල යුතු මාතෘකාවක්. කැලෑ කපල, පුරාවස්තු කොල්ල කාලා, ආරක්සාව බල්ලට දාලා ( එකත් දැන් බල්ලගෙන් බූරුවට දාලා), විශේෂ තැන් බලන්න සංචාරකයන්ගෙන් ගිනි ගනන් අයකරල, කුණු බඩු වලින් ව්‍යාපාර පුරවල, මේ රට කාලා අඹරල විනාස කරල ගූ ගාලා ඉවර වෙලා ලෝකෙ ලස්සනම රට අපිලු. අනේ මන්ද ඉතිම්.
" නොමග නොයන් පුතේ
නුඹට රටක් ඇතේ"
බම්බුව.... කිරි ආච්චිගෙ රෙද්ද.......
-කැකුලා-
🤝🤝🤝🤝😮
ReplyDelete